භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

මෙම පාසල 1947.07.01 වන දින ඉංග්‍රීසි කණිටු විදුහලක් වශයෙන් ආරම්භ කළ තර, මෙහි ප්‍රථම විදුහල්පති වූයේ එච්.ඒ.ඩී.ජේ ගුණසේකර මහතාය. මාර/ගංගොඩගම රජයේ මිශ්‍ර පාසලේ මෙම පාසල පැවැත්වූ අතර හක්මණ ගම් කාර්ය සභාවේ සභාපති දූරය දැරූ කෝංගල ඩී.සී අබේවික්‍රම මහතා විසින් 1947.07.01 වන දින මාර /කෝංගල රජයේ දෙව් මුසු පාසලට ගෙන එන ලදී.
ඉන් පසු මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වන්නට විය. මෙහි ආරම්භක පංතිය 6 වැන්න වූ අතර ඉංග්‍රීසි සාමාන්‍ය දැනුඅම ඇති සිසුන් මෙයට ඇතුලත් කර ඇත.ප්‍රදේශයට තිබූ එකම ඉංග්‍රීසි පාසල නිසා හයවැන්න සමත් වූ වෙනත් පාසල් වල ළමුන් මෙම පාසලට ඇතුළත් වූහ. මෙම පාසල තවතවත් ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රධානාචර්යවරයා විසින් ළමුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමට උනන්දු වීම නිසාය. මෙම කාලය තුලදී ඇදුරු මඩුල්ල පස් දෙනෙකුට සීමා විය.
1950.03.01 වන දින ඩී.සී අබේවික්‍රම මහතා අර්ධ තාවකාලික ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් පරිත්‍යාග කළ අතර මෙම විදුපියසට ඉංග්‍රීසි කණිටු පාසල ගෙන ඒමෙන් අනතුරුව කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇත.පාසල ක්‍රීඩා පිටියක් නොමැති වූ අතර ගුරු සිසු පිරිසගේ දායකත්වයෙන් කුඩා ක්‍රීඩා පිටියක් සකස් කර ගැඊමට හැකි විය. 1952 දී ඉංග්‍රීසී පාඨශාලා සහතික පත්‍ර විභාගයට ශිෂ්‍ය කණ්ඩායමක් ඉදිරිපත් කොට ඇත.
1952 වසරේ ගුණසේකර මහතා පාසලෙන් ඉවත්ව යාමත් සමගම අබේසිංහ, ජේමිස් සිල්වා යන මහත්වරු 1953 දක්වා මෙම පාසලේ සේවය කොට ඇත. 1954.01.01 දින මෙම පාසලේ ප්‍රධානාචාර්ය දූරයට පත්ව ආ එම්.එස් විලියම් සිල්වා මහතා 1969.07.31 දක්වා දීර්ඝ කාලයක් සේවය කොට ඇත. මෙම කාලය අභය මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණමය යුගය විය.
වන දින මෙම පා පාසල මහා විද්‍යාලයක් බවට පත්විය ඉන්පසු මෙම ම පාසලේ අධ්‍යයන කටයුතු සිංහල මාධ්‍යයෙන් සිදු කරන ලදී. ඉන්පසු රජයේ මගින් ගොඩනැගිලි හතරක් ඉදිකොට ඇත. මෙය මහා විද්‍යාලයක් බවට පත්වීමත් සමග සිංහල ජේෂ්ඨ මිශ්‍ර පාඨශාලාව කනිෂ්ඨ පාඨශාලාවක් බවට පත්ව ඇත . අද ඇති කෝංගල කණිටු පාසල එයයි. ම හා විද්‍යාලයේ සිසු පිරිස වැඩි වන්නට වූ අතර උසස් පෙළ බාරව කටයුතු කරන්නට සිදුවූ එක්ම ගුරුවරයා මිද්දෙණිය රන් ආරියදාස මහතා ය. උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන් බොහෝ දෙනකුට සරසවි වරම් හිමි විය.
මුල් වක් වකවානුවේ උසස් පෙළ ළමයින් කලා විෂය ධාරාව ඉගෙන ගත් අතර අනතුරුව වාණිජ විෂයයන් ද ඉගෙනීමට අවස්ථාව උදාවිය. විදුහල්පති ධූරය දැරූ විලියම් මහතා විසින් පාසලේ ප්‍රගතිය සඳහා නොයෙක් සමිති සමාගම් පිහිටුවා ගනිමින් උපරිම සේවය සිසු දරුවන්ට ලබා දී ඇත.
විලියම් මහතා විශ්‍රාම යාමෙන් පසු 1967 – 1976 දක්වා විදුහල්පති ධූරය දැරුවේ සිරිබද්දන මහතාය. අවට ජනතාවගේ සහාය ඇතිව තාවකාලිකව ගොඩ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට එතුමාට හැකි විය. 1976 සිට 1977 දක්වා විදුහල්පති ධූරය දැරුවේ සිරිල් රත්නායක මහතාය.
1977 -1984 විදුහල්පති ධූරය දැරූ ඊ.අබේකෝන් මහතා පාසල දියුණු කළ අතර බුදු මැදුරක් ඉදිකිරීමට දායක විය. පාසලට විදුලි බලය නොමැති අවධියේ අබේකෝන් මහතා ඩී. සී. අබේවික්‍රම මහතාට කළ ඉල්ලීමක් අනුව විදුලි බලය ලබා ගැනීමට හැකි විය. ඊට අමතරව ක්‍රීඩාපිටියක් ද ලබාගත් අතර නව ගොඩ ගොඩනැගිල්ලක් ද රජය මගින් ලබා දී ඇත.
1984 -1990 දක්වා විදුහල්පති ධූරය දැරුවේ ඒ. එන්. ගමගේ මහතාය. එතුමා දවස් ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩි වීමක් ද දක්නට ලැබුණි. ගොඩනැගිලිවල අඩුවක් තිබූ අතර රජයේ ගොඩනැගිලි කිහිපයක් ලබා දීම නිසා එම ගැටලුවට විසඳුම් ලැබුණි. ඊට අමතරව නල ජල ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට එතුමාට හැකි විය.
1990 සිට 2000.12.10 දක්වා විදුහල්පති ධූරය දැරුවේ ඊ. සී. එච්. රණසිංහ මහතාය. එතුමා මෙම පාසලේම උපගුප ගුරුවරයෙක් වශයෙන් ද නියෝජ්‍ය විදුහල්පති වරයෙක් වශයෙන් ද සේවය කොට ඇත. ආදී ශිෂ්‍ය සංගම් දිරි ගන්වා ඇත. විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කර ගැනීමට හැකිවූයේ 1991 සැප්තැම්බර් මස 17 වන දිනයේදීය. මෙම පාසලට විද්‍යාගාරයක් ලැබුණේද මෙම කාලය තුළ දීය. උසස්පෙළ ළමුන්ට වීද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාව උදා විය. එවක අධ්‍යාපන ඇමති ධුරය දැරූ රිචඩ් පතිරණ මහතා පාසලේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රවණාගාරයක් සහිත ගොඩනැගිල්ලක් ලබා දීමට එකඟ විය.
රණසිංහ විදුහල් විදුහල්පති විදුහල්පතිතුමා විශ්‍රාම යාමෙන් අනතුරුව 2000. 12. 11. වන දින වී පී තිලකරත්න මහතා මෙම පාසලේ විදුහල්පති ධූරයට පත්විය. එතුමාගේ පාලන කාලය තුළදී ක්‍රීඩාපිටිය පුළුල් කොට සැකසීමටත්, උසස්පෙළ විද්‍යාගාරයක් ලබාදීම, සියලු පහසුකම් සහිත පුස්තකාල ගොඩනැගිල්ලක් ලබා දීමද සිදු විය. ඊට අමතරව පරිගණක හා ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයක් ද ලබාගත් අතර නව ගුරු විවේකාගාරයක්, නව කාර්යාලයක් නිම කර ගැනීමට හැකි විය. එනිසා පාසලට අත්‍යවශ්‍ය අංග කිහිපයකද අඩුව සම්පූර්ණ විය. 2006. 01.15. දින තිලකරත්න මහතා මුලටියන අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට උසස් කරනු ලැබිණි.
2016. 01. 16 වන දින පාසලේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දැරූ ඩී. ආර්. සුමනාවතී මහත්මිය විදුහල්පති ධූරයට පත්විය. එතුමියගේ පාලන කාලය තුළදී නව පුස්තකාලය විවෘත කිරීම සිදුවිය. මීට අමතරව ශ්‍රවණාගාරයේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය සාදා නිමකර ගැනමට හැකි වූ අතර එම ගොඩ ගොඩනැගිල්ල සංගීත ක්‍රීඩා අංශ සඳහා වෙන් කර ගැනීමට හැකි විය. පාසලේ කඩා වැටී තිබූ විද්‍යාගාරය පිළිසකර කරගැනීමට මෙතුමියට හැකි වූ අතර මුළු විද්‍යාලයටම ගැලපෙන ජල ව්‍යාපෘතියක් නිමකර ගැනීමට හැකි විය.
2010. 09. 16 වන දින මෙතුමිය විදුහල්පති ධූරයෙන් ඉවත්ව ගිය අතර වී. පී. තිලකරත්න මහතා නැවත වරක් මෙම පාසලේ විදුහල්පති ධූරයට පත්ව ඇත. 2012. 03. 26 දින එතුමා විශ්‍රාම ගිය අතර විදුහල්පති ධූරය සඳහා පත්කරනු ලැබුවේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දැරූ පූජ්‍ය දෙමටපිටියේ සෝමානන්ද හිමියන්ය.

ආරම්භ කළ වර්ෂය

 1947.ජූලි.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 14

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

 D.C.අබේවික්‍රම මැතිතුමා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 01

පාසලේ නම

 මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල )

පාසල භාරව කටයුතු කිරීම

 නන්දසේන වන්නිආරච්චි

පාසල රජයට පවරාගත් දිනය

 1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මාර/ගංගොඩගම රජයේ මිශ්‍ර පාසල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1940 දෙසැම්බර් 10 දින

KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mathara Rd,Kongala Central College Hakmana

: (+94)412286515

: (+94)412286515

: [email protected]

Supported By

© 2026 KONGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk