විදුහල්පති පණිවිඩය
මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

මාතර හක්මණ නගරයේ හක්මණ ප්‍රාදේශීය ලේකමි කොට්ඨාසයේ කෝංගල නැගෙනහිර ග්‍රාම සේවා වසමේ මනරම් කදු මුදුනක පිහිටා ඇති අප පාසල අනාදිමත් කාලයක සිට ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ පහන් දල්වා වර්තමානයේ කලාපයේ අනෙකුත් පාසල් අභිබවා යමින් විවිධ වූ අංශයන්හී දක්ෂතා ඇති යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අභිමානවත් කර්තව්‍ය සාර්ථකව ඉටුකරමින් සිටී.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය