පාසලේ දීර්ගඝ කාලයක් සිට පැවති ජල අර්බුදය සදහා විසදුමක් ලෙස 2023ජනවාරි12 දින පාසල් භූමියේ ළිදක් විවුර්ත කරන ලදී.
බොහෝ කාලයක් තිස්සේ විද්‍යාලය තුල උග්‍ර ජල හිඟයකින් පීඩා විඳි සිසු දරු දැරියන් හා කාර්යමණ්ඩලයට මහත් අස්වැසිල්ලක් ගෙන එමින් ගරු විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් වැඩ නිමකළ "සහස් දියවර" ළිං ජල ව්‍යාපෘතිය අද දින මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හා මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් විදු අයිතියට පත් කෙරිනි.....